Terms & Conditions

නියමයන් සහ කොන්දේසි

ForSale.lk යනු ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගලික) සමාගම විසින් සපයනු ලබන සේවාවකි. පහත සඳහන් කර ඇති නියමයන් හා කොන්දේසි වලට ඔබ අනුකූල වනු ඇත. ForSale.lk වෙබ්අඩවිය භාවිතා කිරීමට පෙර කරුණාකර මෙම නියමයන් සහ කොන්දේසි කියවන්න.

පොදු කරුනු

ForSale.lk හි ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ලේඛන, ඡායාරූප, වීඩියෝ සහ වෙළඳ දැන්වීම් වල සියළුම අන්තර්ගතයන් පවතින සියලුම නීතිමය තත්වයන්ට අනුකූල වන බව සහතික කිරීම වෙළඳ දැන්වීම්කරුවන් සහ පරිශීලකයින්ගේ වගකීම වේ. ForSale.lk සහ ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගකලික) සමාගම විසින් නීති විරෝධී ක්‍රියාවක් හෝ අන්තර්ගතයේ කිසියම් සාවද්‍යතාවයක් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර නොගන්නවා ඇත.
එමෙන්ම පරිශීලකයා හෝ දැන්වීම්කරු ඔහුගේ හෝ ඇයගේ අන්තර්ගතයන් තුල කිසිදු පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ප්‍රකාශන අයිතිය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් හෝ වෙනත් අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන බවට සහතික වන අතර ForSale.lk සහ ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගකලික) සමාගම එමගින් නිදහස් කිරීමට එකඟ වනු ඇත.

කතු හිමිකම/බුද්ධිමය අයිතිය

ForSale.lk හි අන්තර්ගතය, සංකල්ප සහ වෙනත් ඕනෑම අන්තර්ගතයක් හෝ සේවාවක් ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගකලික) සමාගම සතු දේපල වේ. වෙබ්අඩවියේ ප්‍රකාශන හිමිකම, වෙළඳ ලකුණු, සේවා සලකුණු, වෙළඳ නාම සහ වෙනත් කැපී පෙනෙන වෙළඳ නාම වැනි ඕනෑම බුද්ධිමය දේපල අයිතිවාසිකම් ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගකලික) සමාගම හි දේපල වනු ඇත. ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගකලික) සමාගමෙහි ලිඛිත අවසරයකින් තොරව මෙම වෙබ් අඩවියට අදාල පිටපත් කිරීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම, නැවත ප්‍රකාශයට පත් කිරීම, ස්ථාපනය කිරීම, ප්‍රකාශ කිරීම, සම්ප්‍රේෂණය කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සිදුකල නොහැකි ය.

ත්‍යාග, දීමනා සහ ප්‍රවර්ධය

ForSale.lk මගින් කලින් කලට විවිධ ත්‍යාග, දීමනා සහ ප්‍රවර්ධයකිරීම් ඉදිරිපත් කල හැක. එවැනි ඉදිරිපත් කිරීම් එහිදී ඉදිරිපත් කරනු ලබන කෙන්දේසි, නියමයන්, නීති වලට අදාල වනු ඇත. කවර හෝ ගැටළු සහිත අවස්ථාවකදී එහි අවසාන තීරණය ForSale.lk සහ ලංකා බිස්නස් ඉන්ෆොමේෂන් සෙන්ටර් (පුද්ගකලික) සමාගම විසින් ගන්නා තීරණය වන බව ට වෙළඳ දැන්වීම්කරුවන් සහ පරිශීලකයින්ගේ එකඟ වනු ඇත.

පරිශීලකයින්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය

ForSale.lk හි ලියාපදිංචි වී වෙළඳ දැන්වීම්, ලේඛන, ඡායාරූප හෝ වීඩියෝ ඉදිරිපත් කිරීමට පෙර පරිශීලකයින් වලංගු විද්‍යුත් තැපැල් ලිපිනයක් (email – ඊතැපැල්) ඉදිරිපත් කළ යුතුය. පරිශීලකයාගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධියේ දර්ශනය නොවන අතර වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙනු ඇත.